ලබන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් ලබන 13 වනදා බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් අනුව මෙම නිවාඩු ලබාදී සිදුකර ඇති බව සඳහන්.
මැතිවරණ කොමිෂන් සභාව සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු සියලු දෙනා දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 12 වන දින පාසල් වේලාවෙන් පසුව අඩාල ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නැවත පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන සඳුදා දිනයේ දීයි.