අමෙරිකාවේ දකුණු කැරොලිනා හි පර්යේෂණ මධ්‍යස්ථානයකින් පරීක්ෂණ සඳහා රැගෙන ආ වඳුරන් 43 දෙනෙක් පැන ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ මධ්‍යස්ථානයේ පාලකයාගේ අත්වැරදීමකින් එහි දොර විවෘත වී මෙම වඳුරන් පිරිස පළා ගොස් ඇති බවයි.
මේ අනුව මෙම වදුරන් පිරිස සොයා ප්‍රදේශයේ ආරක්ෂක අංශ මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් වනවා.
කෙසේ වෙතත් ප්‍රාන්ත බලධාරීන් ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබාදී ඇත්තේ නිවෙස්වල දොර ජනෙල් ආරක්ෂිතව වසා තබන ලෙසයි.
තවද පැනගිය වඳුරන් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස කැරෝලිනා ප්‍රාන්තයේ ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.